Breaking

Saturday, December 5, 2015

ඕනිම Phone එකක් ලේසියෙන් Root කරමු ...

ඔක්කොටොම සුබ දවසක් වේවා. ඔන්න මම අද තවත් වැදගත් පොස්ට් එකක් ගේනවා. මේක android වලට සම්බන්ධ එකක්. රූට් කරන්න හැමෝම ආසයිනේ . ලොකුම ප්‍රස්නේ තමා රූට් කරන්න ආසාව තිබුනට රූට් කරගන්න ගියාම රූට් කරන්න බැ. ඔන්න එකට මම විසදුමක් ගෙනාවා. රූට් කරන්න බැරි පොන් උනත් මේකෙන් රූට් කරන්න පුළුවන්. samsung පොන් වලට මේක විශේෂයි.


මම මුලින්ම කියනම් රූට් ක්‍රම තියන වාසි / අවාසි මොනාද කියල.

අවාසි.
1.       ඔයාලගේ පොන් එකේ වොරන්ටි නැති වෙනවා.
2.       ඔයාලගේ පොන් එකට ඔටෝ එවන Update එන එක නවතිනවා.
3.       සමහර පොන් වලට රූට් කරද්දී ලොකු අවදානමක් ගන්න ඕනි.

වාසි
1.       ඔයාලගේ පොන් එක කස්ටම් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ පොන් එක ඔයාලට ඕනි විදියට use කරන්න පුළුවන්.
2.       මුළු පොන් එකේම පාලනය ඔයාට හම්බෙනවා. (system එකත් සමගම )

වැදගත්.
1.       අලුතින් එන පොන් වලට රූට්  File තාම ඇවිල්ල නැ. ඒ නිසා අලුතින් ආපු පොන් රූට් වෙන්නේ නැ. ඒ නිසා ටික දවසක් බලන් වෙන්න වෙනවා.
2.       මේ රූට් කිරීමේදී සම්පුර්ණ අවදානම දැරිය යුතු අතර රූට් කිරීමේදී යම් කිසි දෙයක් ඔයාලගේ පොන් එකට උනොත් මම (ලංකා නෙට් , කසුන් මාධව ) විසීන් කිසිම වගකීමක් දරන්නේ නැ. සම්පුර්න වගකීම ඔබ සතුය.
හරි දැන් වැඩේට බහිමු.

ඔයාල මුලින්ම :
1.       හොද ඔයාලගේ පොන් එකට හරියන Deta Cable එකක් හොයා ගන්න ඕනි.
2.       ඊළගට ඔයාලගේ computer එකට ඉරූට් සොෆ්ට් එක ගන්න ඕනි. එකට පහලින් යන්න,
හරි දැන් ඔයාලගේ පොන් එකේ පහල ෆොටෝ එකේ විදියට Devaloper Mode එක on කර ගන්න. සමහර පොන් වල Devaloper Mode එක නැ. ඒ නිසා ඔයාලගේ About phone (About Device) යන්න ඊට පස්සේ Build number එක උද හත් (7) පාරක් දිගටම ටච් කරන්න, එතකොට enable වෙයි.
දැන් පහල image එකේ විදියට ඉරූට් ඔයාලගේ ප්ක එකේ install කරලා open කර ගන්න. ඊට පස්සේ ඔයාලගේ පොන් එකේ Seting > Devaloper Mode > එකේ තියනවා Usb Debugging කියල පහල image එකේ වගේ ඒක ටික් කරන්න.




දැන් ඔයාලගේ ඉරූට් open කරලා ඔයාලගේ පොන් එක usb cable එකෙන් කනෙට් කරන්න. ඊට පස්සේ පහල image එක වගේ ඔයාලගේ පොන් එක කනෙට් වෙනවා පෙනෙයි.   



දැන් ඔයාලගේ පොන් එකට මොකුත් කරන්නේ නැතුව බලන් ඉන්න. ඊළගට පහල image එකේ වගේ ඔයාලගේ පොන් එක මොකක්ද කියල අදුර ගනී.



දැන් රූට් කියන එක ඔබන්න. ඊට පස්සේ ටික ඔයාලට රූට් වෙනවා කියල පෙන්නයි. මොකුත් නොකර බලන් ඉන්න. ඊට පස්සේ පහල image එකේ වගේ රූට් උනා කියල පෙන්නයි.


දැන් හරි. ඔයාලගේ පොන් එක රූට් වෙලා.

මොකක් හරි අවුලක් තිබුනොත් කියන්න 






මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox