Breaking

Tuesday, February 24, 2015

ඔබේ මරණින් පසු ඔබේ ෆ්බ් ගිණුමට මොකද වෙන්නේ ???

Facebook කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි. ඒ කියන්නේගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා. ඔවුන් එක්ක ඡායාරූප,

වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක් සමාගම හිතලා තියෙනවා.

ඔවුන් හඳුන්වාදෙන්නට යන අලුත්ම විශේෂාංග තමයි Facebook ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එක.ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ ඔහුට නැරඹීමේ හැකියාව නොමැති අතර Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ඔහුට පවතිනවා.ඒ වගේම අවශ්‍යනම් මරණයෙන් පසුව තමන්ගේ ගිණුම අක්‍රීය කිරීමේ හැකියාවද මෙහිදී ඇතුලත් වෙනවා. නමුත් එය අක්‍රීය කිරීමට නම් ඔහු මියගිය බවට ෆේස්බුක් වෙත වෙනත් අයෙක් විසින් දැන්විය යුතු වෙනවා. ඒ වගේම තමන්ගේ Facebok wall එක වෙනත් අයට එහි පණිවුඩ පලකල නොහැකි ලෙස සකසා ඇත්නම් මරණින් පසුව එය Unlock කර ඔහුගේ මරණය වෙනුවෙන් එහි ශෝකය පළකිරීමේ හැකියාවද මෙම නව විශේෂාංගය මඟින් හඳුන්වාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

අපිව like කරන්න . Follow කරන්න .. අපේ පොස්ට් එමනට ගන්න පුළුවන් .. එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Adbox